Keep the national flag Raise up within first week - SL gov.asks - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Friday, February 1, 2019

Keep the national flag  Raise up within first week  - SL gov.asks
අද සිට ජාතික ධජය ඔසවා තබන්න – රජය ඉල්ලයි

71 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (01) සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන්නැයි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් සියලු ම නිවෙස්වල, වෙළෙඳ ව්‍යාපාරික ස්ථානවල, රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජාතික නිදහස් දින උළෙල ලබන 4 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.
71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි හැර අන් සියලු දිස්ත්‍රික්කයන්හි උත්සවාකාරයෙන් ජාතික දිනය සැමරීමටත් රටේ සියලු ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදි එම උත්සව සංවිධානය කිරීමටත් අවශ්‍ය උපදෙස් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මේ වනවිටත් ලබා ඇතැයි අභන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිවේදනය කරයි.

නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් මහතා සහ එම මැතිනිය සහභාගී වෙනු ඇත.

නර්තන හා වාදන ශිල්පීන් 865 දෙනෙකු සහභාගිතවයෙන් සංස්කෘතික පෙළපාලියකින් ද, ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය  භට බලකායේ ආචාර පෙලපාලියකින්ද මෙවර නිදහස් දින උළෙල විචිත්‍රවත් වීමට නියමිතය.
Related Posts:

Post Top Ad