Cow Thief Died after jumping Wilgamuwa bridge - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Friday, February 1, 2019

Cow Thief Died after jumping Wilgamuwa bridge
පොලිසිය ලුහු බඳිද්දී හරක් හොරා විල්ගමු පාලමෙන් පැන මරුට

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ඊයේ  (31) දී අලුයම පොලිසිය ලුහු බඳිමින් සිටියදී ලොරි රථයේ රියදුරා ලොරි රථය විල්ගමුව මහා පාලම අසල නතරකර පාලමෙන් පහලට
පැන බුලත්අත්තාව ඔයට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මිනිපේ වම් ඉවුර ඇල මාර්ගය හරහා ඇති පාලමෙන් ලොරි රථයේ රියදුරු පහලට පැන ඇති බව පොලිසිය කියයි.එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් එම රථයේ ගවයන් ප්‍රවාහනය කරන බවට අනාවරණ වී තිබෙනවා.එම අවස්ථාවේ ලොරි රථයේ එළ ගවයින් 10 දෙනෙකු සහ මී ගවයෙකු කකුල් බැඳ දමා ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.පසුව පොලිසිය විසින් ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු පැන යාමට උත්සාහ ගෙන තිබෙනවා.ඔහු එම අවස්ථාවේ බුලත්අත්තාව ඔයේ රෝද පාලම මතින් පැන ඇති බවයි වාර්තා වන්නේ.එහිදී පහළ ඇති ගල් මතට වැටී ඇති සැකකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ ගම්මැද්ද, කුමුක්කඳුර, ඉහළ රජවැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.විල්ගමුව පොලිසියයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

source
Related Posts:

Post Top Ad