[Sinhala] -Black flags in Jaffna University in 71st Independence day - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Monday, February 4, 2019

Black flags in Jaffna University in 71st Independence day
නිදහස් දා දකුණේ නිදහස සමරද්දී යාපනේ
විශ්වවිද්‍යාලයේ කළු කොඩි එසවෙයි

නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද(04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබේ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ‍ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ වන බවයි.

එබැවින් උතුරු නැගෙනහිර ජනතාවට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් තමන් කළු කොඩි ඔසවා විරෝධතාවය පළ කළ බවද විශ්වවිද්‍යාල සිසුන් පැවසීය.යාපනය විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය විසින් මෙම පෝස්ටර් ප‍්‍රදර්ශනය කළ බවට එම පෝස්ටර්වල සඳහන් කර තිබේ.එමෙන්ම ඔවුන් කළු නිදහස් දිනය යනුවෙන් දැක්වෙන කළු පැහැති පෝස්ටර් ද විශ්ව විද්‍යාල භූමියේ ප‍්‍රදර්ශනය කර තිබිණි.

උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද(04) වව්නියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන්ද පැවැත්වා ඇත.
Black flags in Jaffna University in 71st Independence day

Black flags in Jaffna University in 71st Independence day 2

Black flags in Jaffna University in 71st Independence day 3

Black flags in Jaffna University in 71st Independence day 4

 source1
source2
Related Posts:

Post Top Ad