[Sinhala] - Sripadaya full with huge crowd in February 2019 - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Monday, February 4, 2019

sripadaya sri lanka february
Sripadaya Sri Lanka
පෙබරවාරි දවස් 3 නිවාඩුවටශ්‍රී පාද වන්දනාවට ලක්ෂ දෙකහමාරක් පැමිණෙති6000ක් ආපසු යති

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හැටන් නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන්
ශ්‍රී පාදස්ථානය බලා වන්දනාකරුවන් ලක්ෂ දෙකහාමාරකට පමණ අධික  පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

නල්තන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්නේ සිට ශ්‍රීපාද මළුව දක්වා ඉකුත් (02) දා අළුයම සිට දැඩි තදබදයක් ඇතිවූ නිසා වන්දනාකරුවන් 6000 කට අධික පිරිසකට ශ්‍රීපාද මළුවට ගමන් කර වන්දනා කිරිමට නොහැකිව නැවත ගම් බිම් බලා ගිය බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

වන්දනාකරුවන් අධික නිසා මෙම මාර්ගයේ එකම ස්ථානයේ පැය ගණනක් රැඳී සිටීමට සිදුවූ බව වන්දනාකරුවෝ පවසති.

වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථ නල්ලතන්නිය - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 06 ක් පමණ දුර සමන් දේවාලය අසළට මාර්ගය දෙපස ගාල් කර තිබුණි.
source
Related Posts:

Post Top Ad