[Sinhala] - Import of Johnson & Johnson Baby Powder halted - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Friday, February 1, 2019

Import of Johnson & Johnson Baby Powder halted
ජෝන්සන්ස් ඇන්ඩ් ජෝන්සන්ස් බේබි
පවුඩර් වල පිළිකා කාරක ඇස්බැස්ටොස්.
ලංකාවට ගෙන්වීම තාවකාලිකව නවතයි

පිළිකා කාරක ඇස්බැස්ටොස් ඇති බවට තහවුරු වීමෙන් පසු ළදරුවන් සඳහා භාවිතා කරන
පවුඩර් වෙළඳ සන්නාමයක් වන ජෝන්සන්ස් ඇන්ඩ් ජෝන්සන්ස් බේබි පවුඩර් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.මෙම ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ළදරු නිෂ්පාදනය ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලබයි.දැනට වෙළඳපොලේ පවතින තොග විකිණිමට අවසර ලබාදී ඇති අතර අලුතින් ආනයනය කිරිම තාවකාලිකව නතර කර තිබේ.පිළිකා කාරක ඇස්බැස්ටොස් නැති බවට අදාළ සමාගම තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි.
ඔවුන්ගේ නිෂ්පාදනවල ඇස්බැස්ටොස් නැති බවට පිළිගත හැකි රසායනික වාර්තාවක් ඉදිරිපත් කළ පසු අපි යළි ඔවුන්ගේ ලියාපදිංචිය අලුත් කර බෙදාහරින්නන් වෙත ඉදිරිපත් කර බව ශ්‍රී ලංකා ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහ‍තා පැවසීය.

Import of Johnson & Johnson Baby Powder halted

source
Related Posts:

Post Top Ad