Budunge Rasthiyaduwa - Read Online PDF - බුදුන්ගේ රස්තියාදුව - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Saturday, August 11, 2018

Budunge Rasthiyaduwa - Read Online PDF - බුදුන්ගේ රස්තියාදුව
මහත් ආන්දෝලනයට ලක්වූ බුදුන්ගේ රස්තියාදුව -Budunge Rasthiyaduwa පොත online pdf එක පහලින් නොමිලේම බලන්න.සැමටම බලන්න ශෙයා කරන්න.
සෑම මිනිසෙකුටම දැනෙන ලෙස පවසමින් පොතේ නම යොදා ඇති අතර බුදු දහමේ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් එසේ කර ඇති බව අපගේ හැඟීමයි."අල්ලාහ්ගේ රස්තියාදුව","මරියාගේ කන්‍යාභාවය" ලෙස පොතක් මොහු විසින් ලියන්නට සිහිනෙන් වත් නොසිතනු ඇතැයි අපහට සිතේ.මක්නිසාද බුදුදහම ගැන ඕනෑ ඕනෑ ආකාරයට තම අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම කෙනෙකුට හැකි නිසාත් තමන්ගේ ඕනෑම වැඩකට බුදු දහමට සම්බන්ධ වචනද කිසිදු වගවිභාගයකින් තොරවම යොදා ගැනීමට හැකි නිසාත්ය.එක් මුස්ලිම් ජාතිකයෙකු වරෙක තෙරුවන් යනු මැණික් ගල් 3ක් බව පිරිස් අමතමින් කියා සිටි ආකාරය අපහට මතකය.
බෞද්ධාගමට,සංස්කෘතියට සම්බන්ධ සමහර වචනද අර්ථයක් නොදැනද ඔහේ රැඩිකල් වීමට යොදා ගෙන ඇති බව අපගේ හැඟීමයි.

තම පුතුගේ කරේ කුරුස මාලයක් එල්ලූ කතෘ,අනිත් ආගම් සමග බුදු දහමින් ලත් ආභාශ,සිංහල සංස්කෘතියත් පහත හෙලා කථා කරන ස්වභාවයක් පෙනේ.උපුල් ශාන්ත සන්නස්ගල,සිඳු නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ට රඟපාන ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ආසයැයි කියූ අය සමග ඉන්න මේ කතෘලාගෙන් සංස්කෘතියට වදින පහර නම් සුළුපටු කොට තැකිය නොහැක.

පොතේ පසු කවරයේ ඔහු සඳහන් කරන්නේ සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු වුවත් මේ යුගයේදී නම් අවලංගු බවයි.

කිසිම වැඩකට නැති දෙයක් මතයි මිනිස්සු ජිවත් වෙන්නෙ.නිවන කියන්නෙ අන්න ඒ තරම් දෙයක්- පිටුව 22

මේ රටේ මෙච්චර මිනී මැරෙනවා.යුක්තිය තියා කරුමය පලදෙන්නෙත් සෑහෙන පරක්කු වෙලා.තේරෙන්නෙ නැද්ද මිනිහෝ මේ රටට බුදුන් මදියි කියලා-පිටුව 42

(පවක් හෝ පිනක් ආකාර 4 ට පලදේ.දිට්ටධම්මවේදනීය කර්ම යනු මේ ආත්ම භාවයේදීම පලදෙන බවයි.තව වර්ග 3 කි.ඒවා මතු ආත්ම වලදී හෝ අහෝසි කර්ම ලෙස ගැනේ.ඒවා නොදත් කතෘ කියවන දේවල් හරියට චාල්ස් කියන අලුත් දේශකයා ආනාපානසති භාවනාව ගැන කිවවා වැනිය)

ඇය විඳි අයුක්තිය විසඳන්න තරම් දර්ශනවාදයක් මේ ලෝකේ හොයාගෙන නෑ තාම-පිටුව 98
 (ක්‍රිස්තියානි අදහස් දරන ඔබට එසේ සිතුනාට බුදු දහම ගැඹුරින් අධ්‍යනය කරද්දී ලොව ඇති වෙනත් අධ්‍යන වැඩක්ම නැත)

ශිෂ්ටාචාරයට මිනිසෙක් සම්බන්ධ වෙනව නම් ඒ සම්බන්ධ වෙන්නෙ මුලින්ම කක්කාවලින් මිසක් නෙලුම් මල් හතක් උඩ ඇවිදලා නොවෙයි-පිටුව 130

ඇතෙක්ව පෙරහැරේ පිළිවෙලට යවන්නෙ ආදරෙන් නොවෙයි,මෝඩකමින් -136 පිටුව

පහල ලින්ක් එකෙන්  pdf එක භාගත කරගන්න.

Download_Budunge_Rasthiyaduwa_pdf_HERE


Related Posts:

Post Top Ad