Matugama Beef Stall will be closed in 2019 - LankaTag.com - ලංකා ටැග් - Latest News and Gossip From Sri Lanka

Post Top Ad

Friday, June 8, 2018

Matugama Beef Stall will be closed in 2019
2019 සිට මතුගම
හරක් මස් කඩය වැසෙයි

මෙන්න ඡන්දේ නොදුන් අය 


2019 වර්ෂයේ සිට මතුගම පොදු වෙළඳ පොලේ ගවමස් කඩය වැසීමේ යෝජනාව වැඩි  ඡන්ද  22 කින් සම්මත වී
තිබේ.මතුගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී (5) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී  නාරවිල සම්භවංශ හිමියන් මෙම යෝජනාව ඉදිරිපත් කෙරූ අතර අනෙක් යෝජනා වලට වඩා මෙය වැදගත් දෙයක් වූ නිසා මෙය පළමුවෙන් විවාදයට ගැනීමට සභාපති මෙරිල් මුණසිංහ මහතා තීරණය කළේය.
                 මෙහිදී පක්ෂව සහ විපක්ෂව මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ අතර අවසානයේ චන්ද විමසීමක් සිදු කල අතර එහිදී 2019 වසරේ සිට මතුගම ගවමස් කඩය වැසීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 28  ක් ප්‍රකාශ වූ අතර විපක්ෂව ඡන්ද 3 ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

මෙන්න ගවමස් කඩේ වහන්න ඡන්දෙ දුන්නු නැති  තුන්දෙනා 
එක්සත් ජාතික පක්ෂයේ 
          *ඒ.එච්.එම්.රාමසාන්,
          *සීතා ඩයස්, 
ජනතා විමුක්ති පෙරමුණේ  
         *ලලිත් සිරිවර්ධන 


මෙන්න ඡන්දෙ දීමෙන් වැලකී හිටපු තුන්දෙනා 
       එක්සත් ජාතික පක්ෂයේ 
            *හීන්ටන් මද්දගේ 
            *පුබුදු ජයනෙත්ති 
            *සුජීව නිර්මාණ 

මෙන්න කඩේ වහන්න ඡන්දෙ දුන්නු අය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 19 දෙනා
එක්සත් ජාතික පක්ෂයෙන් 5 දෙනෙක්
එක්සත් ජනතා සංධානයේ 3 න් ස්වාධින මන්ත්‍රීවරු 2 දෙනා
ජනතා විමුක්ති පෙරමුණේ 1 මන්ත්‍රීවරයෙකු.

මෙම අවස්ථාව දැකබලා ගැනීමට භික්ෂූන් වහසේලා සහ ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් පැමිණ තිබුණි.

ගවයා යනු අතීතයේ සිට ලාංකීය සංස්කෘතිය හා බැඳී පවතින සත්වයෙකි.අඩුම තරමින් ගව ඝාතනයවත් නවතා ගැනීමට අප හට නොහැකි නම් අනෙක් සතුන් ගැන කවර කතාද ? අනෙක් සතුන්ටද අප කරුණාව දැක්විය යුතුය.ඔවුන්ගේ මරණයන්ද වැලැක්විය යුතුය.ප්‍රයෝගික ලෙස බැලූ කල අප පළමුව ගව ඝාතනය වැලැක්විය යුතුය.පසුව අනෙක් සතුන්ගේ ඝාතන වලකමු.ගව ඝාතනය නැවත්වීමට කටයුතු කරන විට ඇයි අනෙක් පව් නැද්ද කියා කවරෙකු අසන්නේ නම් ,ඔව් අනෙක් සතුන් පව් තමයි .මුලින් කිව්වා සේ පළමුව ගව ඝාතනය නවත්වා පසුව අනෙක් සතුන් බේරා ගනිමු යැයි ඔහුට/ඇයට පවසන්න....එහෙමත් නැත්නම් එසේ කියන කෙනාව ගණන් නොගන්න.... 
Related Posts:

Post Top Ad